විදෙස්

උතුරු කොරියාව ගොඩනගන්න ඇමෙරිකාව සුදානම්

(UTV|ඇමෙරිකාව) – උතුරු කොරියානු ආර්ථිකය යළි ගොඩනැගීමට සහාය වන බව ඇමරිකාව පවසයි.

ඒ න්‍යෂ්ටික අවි අත්හැරීමට එකඟ වන්නේ නම් පමණි.

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සඳහන් කළේ දකුණු කොරියානු මිතුරන් මෙන් උතුරු කොරියාවට සශ්‍රීකත්වය උදාකරලීම සඳහා ඔවුන් සමඟ එක්ව කටයුතු කිරීමට ඇමරිකාව සූදානම් බවයි.

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා, දකුණු කොරියානු  විදේශ අමාත්‍ය කෑන් කියුං සමඟ වොෂින්ටනයේදී ඊයේ සාකච්ඡා පවත්වා තිබේ.

ඉන් අනතුරුව ඔහු කියා සිටියේ කොරියානු අර්ධද්වීපය මුළුමනින්ම න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් කිරීම සඳහා දෙපාර්ශවයේ එකඟ වී ඇති බවයි.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් අතර හමුවක් ලබන ජුනි 12 වන දා සිංගප්පූරුවේදී පැවැත්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ටෙහෙරාන් අගනුවර පැරණිතගම මහල් ගොඩනැගිලි සංකීර්ණයක් කඩා වැටීමෙන් 20 දෙනෙකු මරුට

Mohamed Dilsad

නව කොරෝනා රැල්ල හේතුවෙන් ඉතාලිය යළිත් වැසෙයි

Mohamed Dilsad

ඉරාන විප්ලවකාරී හමුදාව ඇමෙරිකාව විසින් ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කරයි

Mohamed Dilsad

Leave a Comment