ප්‍රමුඛ පුවත 1

කොරියානු භාෂා විභාගය සමත්වූවන්ට නිපුණතා පරික්ෂණ මැයි 16 ඇරඹේ.

(UTV| කොළඹ) – කොරියානු රාජ්‍යයේ ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ රැකියා සඳහා 2018 වර්ෂයට අදාළව පැවැත්වුණු විභාගයෙන් සමත්වූ රැකියා අපේක්ෂිතයින් සඳහා නිපුණතා පරික්ෂණ මැයි මස 16 හා 17 යන දෙදින පැවැත්වීමට නියමිතව ඇත.

ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ රැකියා සඳහා කොරියානු භාෂා පරික්ෂණයෙන් අපේක්ෂකයින් 546 දෙනෙකු සමත්විය. ඔවුන් සඳහා මෙම පරික්ෂණය පැවැත්වෙන අතර ඔවුන්ගේ කුසලතා පරික්ෂණ මැයි 26 දින සිට 28 දින දක්වා පැවැත්වීමට නියමිතය.

එසේම 2018 වර්ෂයට අදාළව නිශ්පාදන ක්ෂේත‍්‍රයේ ඉල්ලූම්කරුවන් සඳහා භාෂා පරික්ෂණ දිනයන් වේලාව හා මධ්‍යස්ථානය පිළිබඳව විස්තර මැයි මස 14 දින www.slbfe.lk යන කාර්යාංශ වෙබ් අඩවියේ පළකරනු ලැබේ.

නිශ්පාදන අංශයේ රැකියා සඳහා පරික්ෂණ මැයි මස 21 දින සිට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව විදේශ රැකියා නියුක්ති කාර්යාංශය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාකිස්තානයේ සිට පැමිණෙන පොහොර නෞකාව ලබන සතියේ දිවයිනට

Mohamed Dilsad

සහල් මිල පාලනයට රට හාල් ගෙන්වයි

Mohamed Dilsad

ඩෙංගු ගැන යළිත් අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

Leave a Comment