ප්‍රමුඛ පුවත 1

ඩෙංගු ගැන යළිත් අනතුරු ඇඟවීමක්

ඉදිරියේදී ඩෙංගු රෝගය යළි හිස එසවීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරින්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති නජිත් සුමනසේන පැවසුවේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග ඩෙංගු කීට ඝණත්වය ඉහළ යාම ඊට හේතුව බවයි.

වසරේ මැයි, ජුනි, ජූලි, මාසවල මෙන්ම ඔක්තෝම්බර්, නොවැම්බර්, දෙසැම්බර් මාස තුළ මේ ආකාරයට කීට ඝණත්වය ඉහළ යන අතර, ජනතාව ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතු බවයි එම සංගමය පැවසීය.

ඔවුන් සිදුකළ සමීක්ෂණයකට අනුව බස්නාහිර පලාත තුළ ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළ ස්ථානයන්හි වැඩි වශයෙන් කීට ගහනය වාර්තා වී ඇති අතර, ඉදිකිරීම් ක්ෂේත්‍රවල මෙන්ම, රාජ්‍ය ආයතන, පොදු ස්ථානවල ද මෙම මදුරු කීට ඝණත්වය අවම කිරීමට කටයුතු කරන මෙන් එම සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් සිදුකරයි.

වසරේ මේ දක්වා කාල සීමාව තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 41,301ක් වී තිබේ.

Related posts

ජන ජීවිතවල ආරක්ෂාව පිළිබඳව රජය දැඩි අවධානයෙන් – අගමැති

Mohamed Dilsad

ඉවත දමන මත්ස්‍ය කොටස්වලින් සත්ත්ව ආහර නිපදවීමේ වැඩපිළිවෙලක්

Mohamed Dilsad

සංචාරක වීසා වලින් දිනකට මැද පෙරදිග යන ශ්‍රී ලාංකික කාන්තාවන්

Mohamed Dilsad

Leave a Comment