ප්‍රමුඛ පුවත 1

නව අමාත්‍ය මණ්ඩලයේ විෂය පථයන් ඇතුළත් ගැසට් පත්‍රය ජනපතිට

(UTV| කොළඹ) – නව අමාත්‍ය මණ්ඩලයේ විෂය පථයන් ඇතුළත් ගැසට් පත්‍රය අද ජනාධිපතිතුමාගේ අනුමැතිය සඳහා යොමු කරන බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා පවසයි.

ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා පැවසුවේ, එම ගැසට් පත්‍රය සඳහා ජනාධිපතිතුමාගේ අනුමැතිය ලද විගස මුද්‍රණය සඳහා යොමු කරන බව ය.

ඒ අනුව ඉදිරි දින 2ක තුළ රාජ්‍ය මුද්‍රණාලය වෙත ජනාධිපතිතුමාගේ අනුමැතිය ලබා දුන් ගැසට් පත්‍රය යොමු කරන බව ද ජනාධිපති ලේකම්වරයා පැවසුවේ ය.

පසුගියදා සිදු කළ අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී නව අමාත්‍යවරුන් 18 දෙනෙකු දිවුරුම් දුන් අතර රාජ්‍ය අමාත්‍යවරුන් 8 දෙනෙකු හා නියෝජ්‍ය අමාත්‍යවරුන් 10 දෙනෙක් ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ

Related posts

මධුමාධව ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

පවතින ගෑස් හිඟය අමාත්‍ය මණ්ඩලයේ අවධානයට

Mohamed Dilsad

කෘෂිකර්ම ඇමති රාජකාරි අරඹයි

Mohamed Dilsad

Leave a Comment