ප්‍රමුඛ පුවත 1

ජාතික වෙසක් සතිය අදින් අවසන්

(UTV| කොළඹ) – රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව බුද්ධ ශාසන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කළ ජාතික වෙසක් සතියේ අදින් අවසන් වේ.

මේ වෙනුවෙන් අප්‍රේල් 26 දා සිට මේ දක්වා බිංගිරිය රාජ මහා විහාරස්ථාන පරිශ්‍රයේ විවිධ ආදමික වැඩසටහන් පවත් වුණි.

පෙරවරු 9.00ට ආරම්භ වන අවසන් දින සමාරම්භක උත්සවයෙන් පසුව විශේෂ සීල සමාධි වැඩසටහනක් ඇතුළු තවත් ආගමික වැඩසටහන් රැසක් පැවැත්වෙනු ඇති බව වාර්තාවේ.

සවස 4.00ට සාරධර්ම පුවරු සහිත මල් පෙරහැර විහාර භූමියට පැමිණෙන අතර සවස 5.30 ආරම්භ වන්නේ බෝධි පූජා පුන්‍යකර්මයයි.

සවස 7.00 යෙදී තිබෙන්නේ ආරාධිත අමුත්තන් විසින් විදුලි ආලෝක පූජාව විවෘත කිරීමයි.

ඒ සඳහා බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා, බෞද්ධ කටයුතු කොමසාරිස්, අමාත්‍යාංශ ලේකම් ඇතුළු ආරාධිත අමුත්තන් පිරිසක් සහභාගී වීමට නියමිතය.

පස්වරු උත්සවය අවසන් වීමෙන් පසු රාත්‍රී 9.00ට පමණ මහනුවර යසලී කලායතනය විසින් පවත්වනු ලබන පාරම්පරික උඩරට නාට්‍ය සම්ප්‍රදායට අයත් සූවිසි විවරණ නෘත්‍ය පූජාව විහරස්ථාන වැලි මළුවේ දී ආරම්භ වන අතර එය පසුදා (03) පහන් වනතුරු පැවැත්වෙනු ඇත.

මෙම සූවිසි පූජාව පවත්වත්නේ දැනට ශ්‍රී ලංකාවේ ඉතිරිව ඇති එකම දෙමහල් ටැම්පිට විහාර මන්දිරය වන බිංගිරිය දේවගිරි රාජ මහා විහාරස්ථාන ටැම්පිට විහාර මළුවේ වීම විශේෂත්වයයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තලවාකැලේ- පූණ්ඩළුඔය මාර්ගය පස් කන්දක් පෙරලී අවහිර වෙයි

Mohamed Dilsad

පොල්තෙල් නිපදවන, විකුණන ස්ථාන අද සිට පරික්ෂාවට.

Mohamed Dilsad

ජනපති අගමැති අතර යළිත් සාකච්ඡා

Mohamed Dilsad

Leave a Comment