ප්‍රමුඛ පුවත 1

පොල්තෙල් නිපදවන, විකුණන ස්ථාන අද සිට පරික්ෂාවට.

(UTV| කොළඹ) – අද (18) සිට එළැඹෙන 28 දින දක්වා පොල්තෙල් නිෂ්පාදනය කරන, ගබඩා කරන, ඇසුරුම් කරන හා විකුණන ස්ථාන විශේෂ පරීක්ෂාවකට ලක් කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

මෙවැනි ස්ථාන පරීක්ෂා කිරීමේදී බාල පොල්තෙල් අලෙවි කරන කූට වෙළෙන්දන් හඳුනාගෙන නීතිය හමුවට ගෙන ගිය බව එම සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය පැවැසුවේය.

මෙහිදී තත්ත්වයෙන් බාල පොල්තෙල් මෙන්ම විවිධ තෙල් වර්ග කලවම් කොට පොල්තෙල් ව්‍යාජ අයුරින් සකස් කරන සහ අලෙවි කරන ස්ථාන නීතිය ක්‍රියාත්මක කරන බවත් ඔහු අවධාරණය කළේය.

තවද ලබා ගන්නා තෙල් සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා ඒ පිළිබඳ වාර්තා ලැබුණු පසු විශ්ලේෂණාත්මක වාර්තාවක් පාරිභෝගිකයාට ඉදිරිපත් කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මාර්ග රිය අනතුරකින් අඹුසැමි යුවලක් මරුට

Mohamed Dilsad

ගෝඨාභයගෙන් ප්‍රශ්න කිරීමට ගත් උත්සහයක් වරදී

Mohamed Dilsad

දුම්රිය සේවකයන් අකුරට වැඩ කිරීමේ තීරණයක්

Mohamed Dilsad

Leave a Comment