ප්‍රමුඛ පුවත 1

පාකිස්ථානයෙන් මෙරටට සර්වඥ ධාතූන් වහන්සේලා වැඩමවයි

(UTV| කොළඹ) – මෙරට බෞද්ධ ජනතාවගේ  වන්දනාමානයට පාත්‍ර වනු පිණිස බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා පාකිස්ථානයෙන් ශ්‍රී ලංකාවට පිරිනමනු ලබයි.

බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන, පාකිස්ථාන මහ කොමසාරිස් ආචාර්ය ෂහීඩ් අහමඩ් හෂ්මට්, ජේෂ්ඨ භික්ෂූන් වහන්සේලා, උසස් නිලධාරීන්, ආගමික විද්වතුන්,මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පාකිස්ථාන ජාතික කෞතුකාගාරයේ තැම්පත් කර තිබු මෙම ධාතුන් වහන්සේලා පසුගිය 28 වනදා මෙරටට වැඩම කරවන ලදී.

ඒ අනුව මේ වන විට අති පූජනීය සර්වඥ ධාතූන් වහන්සේ ගංගාරාම විහාරස්ථානය හා අරලියගහ මන්දිරයේ ප්‍රදර්ශනය කෙරෙන කරනු ඇත.

ඉන්පසු එම ධාතූන් වහන්සේ 2018 මැයි මස 16 වන දින දක්වා ප්‍රසිද්ධ විහාරස්ථානවල ප්‍රදර්ශනය කරනු ලැබේ.

ඉන් පසු ධාතූන් වහන්සේ වැල්ලම්පිටිය, කළුතර, ගාල්ල, මාතර, කුරුණෑගල, අනුරාධපුරය සහ මහනුවර දක්වා රැගෙන යනු ඇත.

ඉන් පසුව ශ්‍රී ලංකා ධාතූන් වහන්සේලා 2018 මැයි මස 16 වන දින නැවත කොළඹට ගෙන එනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කොළඹ සිට පකිස්ථානය දක්වා ගුවන් ගමන් යළි හෙට සිට

Mohamed Dilsad

සයිබර් ප්‍රහාරවලින් ආරක්ෂා වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ.

Mohamed Dilsad

හිටපු ආරක්ෂක ලේකම්ට එරෙහිව අපරාධ විමර්ශනයක්

Mohamed Dilsad

Leave a Comment