ප්‍රමුඛ පුවත 1

දිගුකාලීන විදුලි ජනන සැලැස්ම කි‍්‍රයාවට නැංවීමට කඩිනම් පියවර – ජනපති

(UTV| කොළඹ) – 2018-2037 කාල පරාසය සඳහා පිළියෙල කරන ලද දිගුකාලීන විදුලි ජනන සැලැස්ම කි‍්‍රයාවට නැංවීමට අදාළ ඉදිරි පියවර කඩිනමින් ගන්නා ලෙස ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත උපදෙස් දුන්නේය.

දිගුකාලීන විදුලි ජනන සැලැස්ම කඩිනමින් කි‍්‍රයාවට නැංවීම පිළිබන්ද ඊයේ (25) ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡවක දී ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දෙනු ලැබීය.

මෙරට ඉදිරි විදුලිබල අවශ්‍යතාවය සපුරාලීම සඳහා 2018 වසරේ සිට 2037 දක්වා කාල පරාසය තුළ ඉදිකළ යුතු නව විදුලිබලාගාර ඇතුළත් දිගුකාලීන විදුලි ජනන සැලැස්ම ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කර අනුමැතිය
සඳහා ඉදිරිපත් කර තිබේ.

අදාළ සැලැස්ම කි‍්‍රයාවට නැංවීම පිළිබඳව ද ගැටලූ ඇත්නම් සාකච්ඡා කර පවතින බාධාවන් ඉවත් කර ගනිමින් මෙම කටයුතු කඩිනම් කර ගැනීමේ අවශ්‍යතාවය ජනාධිපතිතුමා මෙහිදී නිලධාරින්ට අවධාරණය කළේ ය.
එමෙන්ම ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළි, මහජනතාවගේ ගැටලූවලදී ඔවුන් පීඩාවට පත්වීමට ඉඩ නොතබා මානුෂීය තීන්දු තීරණවලට එළැඹීම අත්‍යාවශ්‍ය බවයි.

දිගුකාලීන විදුලි ජනන සැලැස්ම කඩිනමින් කි‍්‍රයාවට නංවන ලෙස ඉල්ලමින් සහ වෙනත් වෘත්තීය ගැටලූ කිහිපයක් මුල් කරගනිමින් විදුලි ඉංජිනේරුවන් විසින් මෙම 08 වනදා ගැනීමට නියමිතව තිබූ වෘත්තිය කි‍්‍රයාමාර්ගයෙන් ඉවත්වන ලෙසට ද මෙහිදී ඉල්ලීමක් කළ ජනාධිපතිතුමා ඔවුන්ගේ සෙසු ඉල්ලීම පිළිබඳව ද ඉදිරි කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡුා කර තීරණයකට එළැඹීමට අපේක්ෂා කරන බව කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

පරිසරය සුරැකීම විශේෂ වැඩපිළිවෙලක් [VIDEO]

Mohamed Dilsad

යුධ හමුදා ට්‍රක් රථයක් යාල් දේවියේ ගැටී හමුදා සාමාජිකයන් 06 ක් මරුට

Mohamed Dilsad

ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් ජාතික ධජය 1 දා සිට 7 දා දක්වා ඔසවා තබන්න

Mohamed Dilsad

Leave a Comment