ප්‍රමුඛ පුවත 1

ජනපති අද බ්‍රිතාන්‍ය අගමැතිනිය හමුවීමට සුදානම්

(UTV| ලන්ඩනය) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(17) දහවල් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ හමුවී ද්වීපාර්ශවිය සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

එහිදී දෙරටටම වැදගත් වන කරුණු රැසක් සාකච්ඡා කරනු ඇත.

ඉන් පසුව ජනාධිපතිවරයා අද(17) පස්වරුවේ බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකීය ප්‍රජාව හමුවීමට ද නියමිතව තිබේ.

මේ අතර බ්‍රිතාන්‍යයේ වැඩබලන ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා විසින් පවත්වනු ලබන විශේෂ පිළිගැනීමේ උත්සවයකට ද සහභාගී විමට නියමිතය.

හෙට දිනයේ ජනපතිවරයා පොදුරාජ්‍ය මණ්ඩලයීය ව්‍යාපාරික සමුළුවේ ආරාධිත දේශනය ද පවත්වනු ඇති.

26 වන පොදු රාජ්‍ය නායක සමුළුවේ සමාරම්භය සනිටුහන් වන්නේ 19 වන දා පෙරවරුවේදී ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව ආණ්ඩුවේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි

Mohamed Dilsad

ගාලු පාරේ කොටසක් දින කිහිපයක් වැසේ

Mohamed Dilsad

ගුරු විදුහල්පතිවරු වර්ජනය නිසා පාසැල් කටයුතු අඩාල වෙයිද?

Mohamed Dilsad

Leave a Comment