ප්‍රමුඛ පුවත 1

ගාලු පාරේ කොටසක් දින කිහිපයක් වැසේ

(UTV|කොළඹ)  – 70 වන නිදහස් දින සැමරුම් උත්සවයේ පෙර පුහුණුවිම් කටයුතු හේතුවෙන් ගාලු පාරේ කොටසක් දින කිහිපයක් වසාදමන බව පොලිසිය පවසයි.
ඒ අනුව ලබන 28, 31 සහ පෙබරවාරි මස 01,02 සහ 03 වන යන දිනයන්හි ගාලු පාරේ, ගාලු මුවදොර වටරවුම සිට පරණ පාර්ලිමේන්තු වටරවුම දක්වා කොටස මෙලෙස වසා තැබෙන බව පොලිසිය ප්‍රකාශ කළේය.
උදෑසන 07.00 සිට දහවල් 12.00 දක්වා කාලය තුළ අදාල මාර්ගය වසා තැබෙන බව සදහන්ය.
අදාළ කාලසීමාව තුළ විකල්ප මාර්ග භාවිතා කරන ලෙස එම මාර්ගය භාවිතා කරන රියදුරන්ගෙන් පොලිසිය ඉල්ලීමක් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අගෝස්තු 05 උසස් පෙළ – අගෝස්තු 04 වැනිදා ශිෂ්‍යත්වය

Mohamed Dilsad

නව අගමැතිට එරෙහි පෙත්සම සලකා බැලීම අද

Mohamed Dilsad

මන්ත‍්‍රී නඩරාජා රවිරාජ් ඝාතන නඩුව අප්‍රේල් 04 ට කල් තැබේ..

Mohamed Dilsad

Leave a Comment