ප්‍රමුඛ පුවත 1

මාස එකහමාරක් වසා තිබු සරසවි අද යළි විවෘතයි

 (UTV| කොළඹ) – අනධ්‍යයන සේවක වර්ජනය හේතුවෙන් මාස දෙකකට ආසන්න කාලයක් වසා තැබුණු මෙරට සියලු විශ්වවිද්‍යාල අද(17) දිනයේ යළි විවෘත කෙරේ.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අනධ්‍යයන සේවකයින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළ අතර එයට අදට දින 48ක් ගත වී තිබේ.

නමුත් සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට ප්‍රථම සේවකයින්ගේ ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර දැක්වීමට බලධාරීන් සමත් විය.
ඒ අනුව අද(17) දිනයේ සිට යළි විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කළේය.
මේ අතර සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයෙන් අනතුරුව අද දිනයේ සිට විශ්වවිද්‍යාල කටයුතු ගැටලුවකින් තොරව සිදුකිරීමට පියවර ගන්නා බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ මහතා සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොළඹ සිට මඩකලපුව දක්වා දුම්රිය ධාවනය මහවට සීමා වෙයි

Mohamed Dilsad

වුහාන් හි සිට පැමිණි පිරිස දිනකට දෙවරක් වෛද්‍ය පරීක්ෂාවන්ට

Mohamed Dilsad

පානලියේදී සිදුවූ දුම්රිය අනතුර පිළිබඳව විධිමත් පරීක්ෂණයක්

Mohamed Dilsad

Leave a Comment