ප්‍රමුඛ පුවත 1

පානලියේදී සිදුවූ දුම්රිය අනතුර පිළිබඳව විධිමත් පරීක්ෂණයක්

(UTV| කොළඹ) –  රඹුක්කන පානලියේදී ඊයේ(07) සිදුවූ දුම්රිය අනතුර පිළිබඳව විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස උපදෙස් ලබා දෙයි.

ඒ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එම්. අබේවික්‍රම මහතා වෙතයි.

මෙහිදී අනතුර සිදු කළ අදාළ දුම්රියේ රියදුරුවරයාගේ සේවය තාවකාලිකව නවත්වා පරීක්ෂණය පවත්වන ලෙසටද, අමාත්‍යවරයා උපදෙස් දී ඇත.

ඒ සඳහා දුම්රිය සාමාන්‍යාධිකාරීගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපුද්ගල පරීක්ෂණ කමිටුවක් පත්කරන ලෙසටද, අමාත්‍යවරයා උපදෙස් දී ඇති බව වාර්තාවේ.

මෙම අනතුර සම්බන්ධව වැරදිකරුවකු වන පුද්ගලයින් තරාතිරම නොබලා විනයානුකූලව දඬුවම් කිරීමට කටයුතු කරන ලෙසටද අමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් ලබාදී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනාධිපතිවරයාගේ රාමදාන් පණිවුඩය

Mohamed Dilsad

රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලය පරිශ්‍රය දින නියමයක් නොමැතිව වැසෙයි

Mohamed Dilsad

ගුවන්තොටුපලේ විදුලිය ඇණ හිටී

Mohamed Dilsad

Leave a Comment