ප්‍රමුඛ පුවත 1

පුද්ගලයෙකු පොරවකින් පහරදී ඝාතනය කෙරේ

(UTV|දෙණියාය) – නිවසට ඇතුළු වූ පුද්ගලයෙකුට පොරවකින් පහර දී ඝාතනය කිරීමේ පුවතක් දෙණියාය ප්‍රදේශයෙන් වාර්තාවේ.

නිවසට ඇතුල්වූ  පුද්ගලයා එම නිවසේ සිටි කාන්තාවගේ ගෙළ මිරිකා පහරදී ඇයව ඝාතනය කිරීමට උත්සහ කිරීමේදී ඇගේ සැමියා විසින්
මෙම ඝාතනය සිදුකර ඇති බව වාර්තාවේ.

ඊයේ (02) පස්වරුවේ දෙණියාය, අඹගහහේන ප්‍රදේශයේදී මෙම ඝාතනය සිදුව ඇත.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි ගම්හැල කංකානම්ගේ දයානන්ද නමැති 43 හැවිරිදි අයෙකි.

ඝාතනයට ලක්වූ තැනැත්තා අසල නිවසක පදිංචිකරුවෙක් වන අතර ඔහු ඊයේ (02) සවස බීමතින් අදාල කාන්තාවගේ නිවසට පැමිණ ඇයගේ ගෙළ මිරිකා ඝාතනය කිරීමට උත්සහ කර තිබේ.

එම අවස්ථාවේ අදාල කාන්තාවගේ කෑ ගැසීමත් සමඟ ඇයගේ සැමියා පැමිණ අදාල පුද්ගලයාට පොරවකින් පහර දී ඇත.

පුද්ගල ඝාතනය සිදුකළ තැනැත්තා දෙණියාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද (03) මොරවක අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හේමසිරි සහ පූජිත් යලිත් රිමාන්ඩ්

Mohamed Dilsad

දුම්රිය වර්ජනයට එරෙහිව පැමිණිල්ලක්

Mohamed Dilsad

මාධ්‍ය ක්ෂේත්‍රය සඳහා විශ්වවිද්‍යාල ආයතනයක්

Mohamed Dilsad

Leave a Comment