ප්‍රමුඛ පුවත 1

සුළං බල මෙහෙයුම දියත් කිරීමට සුදානම්

(UTV| හම්බන්තොට)  – සුළං බල මෙහෙයුම දියත් කිරීමේ උත්සවය අප්‍රේල් මස 06 වන දින පෙරවරුවේ හම්බන්තොට බරුතන්කන්දේ දී සිදුකෙරේ.

ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්‍ෂිතතාවය ඇති කිරීම සඳහා සහ රටේ බලශක්ති ස්වයංපෝෂිතතාවය ළඟා කර ගැනීමේ දිගු කාලීන ඉලක්ක සාක්‍ෂාත් කර ගැනීම සඳහාත් පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍ර ප්‍රවර්ධනය කිරීම රජයේ අරමුණයි.

විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ මාර්ගෝපදේශකත්වයෙන් ලංකා විදුලිබල මණ්ඩලය,ලංකා විදුලි පුද්ගලික සමාගම සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය එක්ව සුළං බල මෙහෙයුම දියත් කිරීමට නියමිත බව විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ භූ පිහිටීම සැළකීමේදී සුවිශේෂී සමුද්‍ර සංධිස්ථානයක පිහිටීම තුළ ඉහළ සුළං විභවයක් පවතී.මෙගාවොට් 128 ධාරිතාවයක මහා පරිමාණ සුළං විදුලි බලාගාර මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතී.

ලෝකයේ වෙනත් රටවල කුඩා පරිමාණයේ සුළං විදුලි බලාගාර හරහා සුළං විදුලි ජනනය ජාල ගත වී ඇත. ශ්‍රී ලංකාවේ ඒ සඳහා ඇති විභව තුළ විශේෂයෙන් කුඩා පරිමාණයේ ටර්බයින හරහා සුළං විදුලිය ප්‍රවර්ධනය කිරීම සුළං බල මෙහෙයුමේ පරමාර්ථයයි.

 

Related posts

ශ්‍රීලනිපය පොදුජන පෙරමුණ සමඟ තවත් ගිවිසුමකට එන්න සූදානම්

Mohamed Dilsad

දිවයිනේ වැඩිම ඩෙංගු රෝගීන් කොළඹ දිස්ත‍්‍රික්කයෙන් වාර්තා වේ

Mohamed Dilsad

මාකදුරේ මධුෂ් ඇතුළු පිරිස ඩුබායිහිම සිරකර තැබීම නුවණට හුරුයි – යුද හමුදාපති.

Mohamed Dilsad

Leave a Comment