විදෙස්

පොලිස් සිර මැදිරියකින් ගින්නකින් 68ක් මරුට

(UTV| වෙනිසියුලාව) – වෙනිසියුලාවේ  කැරබොබො ප්‍රාන්තයේ වැලන්සියා නගරයේ  පිහිටි පොලිස් ස්ථානයක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 68 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වෙනිසියුලානු බලධාරීහු පවසති.

ඊයේ එම පොලිසියේ සිටි සිරකරුවන් විසින් මෙට්ට වලට ගිනි තැබූ පසුව එම ගින්න ආරම්භ වූ බව වාර්තාවේ.

ගින්න පැතිර යන පුවත වාර්තා වීමෙන් පසු එම ස්ථානයට සිරකරුවන්ගේ ඥාතීන් එක්රැස් වී තිබේ.

ඔවුන් විසුරුවා හැරීමට කඳුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ල කර ඇත.

මෙහිදී පොලිස් නිලධාරියෙකුද වෙඩි තබා ඝාතනය කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඉන්දියාවේ කොවිඩ් අර්බුදයට ඇමරිකාවේ සහාය

Mohamed Dilsad

නවාස් ෂරීෆ්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වේ.

Mohamed Dilsad

ලොව ප්‍රථම මැලේරියා එන්නත අද අත්හදා බැලෙයි

Mohamed Dilsad

Leave a Comment