විදෙස්

නවාස් ෂරීෆ්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වේ.

(UTV| කොළඹ) – සිරගත වී සිටින පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් ඇප ඉල්ලමින් කරන ලද අභියාචනය ඊයේ (25) එරට අධිකරණයක් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

වංචා දූෂණ චෝදනා කිහිපයක් ඇතුළු  සෞදි අරාබියේ කර්මාන්තශාලාවක හිමිකාරීත්වය සනාථ කිරීමට නොහැකි වීම හේතුවෙන් ඔහු මෙලෙස වසර හතක සිර දඬුවමක් විඳිමින් සිටී.

හිටපු අග්‍රාමාත්‍යවරයා වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා රෝහල් ගත වී තිබෙන අතර ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සඳහන් කරමින් අදාළ අභියාචනය ඉදිරිපත් කර ඇත.

එරට අධිකරණය ඇප අයඳුම්පත ප්‍රතික්ෂේප කරමින් සඳහන් කරන්නේ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ඇප ගැනීමට තරම් හේතුවක් නොවන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තවත් කොවිඩ් එන්නතකට අනුමැතිය

Mohamed Dilsad

ඇමරිකාවේ ළමුන්ටත් කොවිඩ් එන්නතට අවසර හිමිවෙයි

Mohamed Dilsad

ඇමෙරිකාව ඉරානයට තවත් එරෙහි වෙයි

Mohamed Dilsad

Leave a Comment