ප්‍රමුඛ පුවත 1

කිලෝග්‍රෑම් 5 සහ 2.3 ගෘහස්ථ ගෑස් මිල පහළට

(UTV| කොළඹ) – කිලෝග්‍රෑම් 5 සහ 2.3 ගෘහස්ථ ගෑස් මිල ද අඩු කෙරේ.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පැවසුවේ කිලෝග්‍රෑම් 5 ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 55 කින් සහ කිලෝග්‍රෑම් 2.3 ක ගෑස් සිල්න්ඩරය රුපියල් 25 කින් අඩුකර ඇති බවයි.

පසුගිය ජුනි මස 29 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රෑමි් 12.5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 138 කින් අඩු කිරීමට සාපේක්ෂව කුඩා ගෑස් සිලින්ඩර මිල ද අඩුකළ බව රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

කෙසේ වෙතත් තවදුරටත් පැරණි මිලට ගෑස් විකුණන වෙළඳුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා වැටලීම් සිදු කරන ලෙසට පාරිභෝගික සේවා අධිකාරියට නියෝග කළ බව අමාත්‍යවරයා පවසයි.

එවැනි වැරදි සිදු කරන වෙළඳුන්ට එරෙහිව නඩු පැවරීමෙන් පසු වැරදිකරුවන් වුවහොත් රුපියල් පන්දහසේ සිට පනස් දහස දක්වා දඩ නියම කිරීමට හෝ බන්ධනාගාර ගත කිරීමට මෙන්ම එම දඩුවම් දෙකම නියම කිරීමට හැකියාව පවතින බව ද කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා පෙන්වා දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලංකා සතොස අලෙවිසැල් ජාලය පුළුල් කෙරේ

Mohamed Dilsad

නව රියදුරු බලපත්‍රය නිකුත් කිරීමට අදාළව සිදුව ඇති වංචාවන් සෙවීමට කොමිසමක්

Mohamed Dilsad

අනන්‍යතා ලේඛන මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත් කරයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment