ප්‍රමුඛ පුවත 1

එජාප ප්‍රතිසංධාන කමිටුව පළමුවරට රැස්වේ

(UTV| කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධානය සඳහා පත් කළ කමිටුව පළමු වරට රැස්වේ.

ඒ අද (11) පස්වරුවේ අරලියගහ මන්දිරයේදීය.

මංගල සමරවීර, රංජිත් මද්දුමබණ්ඩාර, ගයන්ත කරුණාතිලක, රාජ්‍ය අමාත්‍යවරුන් වන එරාන් වික්‍රමරත්න, රුවන් විජේවර්ධන, අජිත් පී. පෙරේරා ඇතුළු 12 දෙනෙකුගෙන් මෙම කමිටුව සමන්විත වන බව වාර්තාවේ.

එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය අප්‍රේල් මස 30 වනදාට පෙර පත් කිරීමට නියමිතය.

පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතුවලට සහය දැක්වීමක් ලෙස පසුගිය දා එක්සත් ජාතික පක්ෂ සභාපති සහ ලේකම් ධුරවලින් අමාත්‍යවරුන් වන මලික් සමරවික්‍රම සහ කබීර් හෂීම් මහතාද ඉවත් වුණි.

එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් අද (11) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කල්මුණේ දී හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

ශ්‍රී ලංකාව ව්‍යවසායකත්වය මත පදනම් වූ ආර්ථිකයක් වෙත ගමන් කරනවා -ඇමති මලික්

Mohamed Dilsad

නිළ සංචාරයක් සදහා ක්ලෙමෙන්ට් නයෙලට් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment