ප්‍රමුඛ පුවත 1

ජනපති පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා හමුවෙයි

(UTV| කොළඹ) – පාකිස්ථානයේ නිල සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂහීද් කඛාන් අබ්බාසි මහතා අතර නිල හමුව ඊයේ (23) පස්වරුවේ ඉස්ලාම්බාද් නුවර අග්‍රාමාත්‍ය නිල නිවසේදී සිදුවිය.

අග්‍රාමාත්‍ය නිල නිවස වෙත පැමිණි ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා විසින් මහත් හරසරින් යුතුව පිළිගනු ලැබීය.

නායකයින් අතර සුහද කතා බහෙන් අනතුරුව ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.

මෙම ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව දෙරට අතර අවබෝධතා ගිවිසුම් 03 කට ද අත්සන් තැබිණි.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර පුහුණු ආයතනය සහ පාකිස්ථානයේ විදේශ සේවා ඇකඩමිය අතර අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුමට අත්සන් තබන ලද්දේ රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා සහ පාකිස්ථාන විදේශ ලේකම්වරයා විසිනි.

පාකිස්ථානයේ ජාතික ප්‍රතිපත්ති පිළිබද ජාතික පාසල සහ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය අතර ද ගිවිසුමකට අත්සන් තැබුණු අතර, පාකිස්ථානයේ සිටින ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා සහ පාකිස්ථානයේ ජාතික ප්‍රතිපත්ති පිළිිබද ජාතික පාසලේ පීඨාධිපතිවරයා ඊට අත්සන් තැබූහ.

දෙරට අතර තරුණ සංවර්ධන ගිවිසුමකට ද පාකිස්ථානයේ අන්තර් පළාත් සහයෝගීතා රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ පාකිස්ථානයේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා අතර අත්සන් තැබිණි.

මේ අතර පාකිස්ථාන – ශ්‍රී ලංකා වෙළෙද සහ ආයෝජන මිත්‍රත්ව සංගමය මගින් රටවල් දෙක අතර ක්‍රියාත්මක කරන අක්ෂි කුණිත වැඩසටහනට අදාළ පරිත්‍යාගයක් ද මෙහිදී ජනාධිතිතුමා අතින් පාකිස්ථාන අග්‍රාමාත්‍යවරා වෙත පිළිගැන්විණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

එජාපෙ ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීම කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී

Mohamed Dilsad

මාධ්‍යවේදී කීත් නොයාර්ට පහරදීමේ සිද්ධියට සම්බන්ධ හමුදාවේ 3ක් අද අධිකරණයට

Mohamed Dilsad

සැමරීම තුළින් එකමුතුකම ශක්තිමත් කරමු – සංහිදියා කාර්යංශය කියයි

Mohamed Dilsad

Leave a Comment