ප්‍රමුඛ පුවත 1

ෆේස් බුක් නිලධාරීන් පිරිසක් ලංකාවට

(UTV| කොළඹ) – ෆේස්බුක් ආයතනයේ තුන්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද (14) රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිතය.

ඒ ෆේස්බුක් සමාජ මාධ්‍ය අවහිර කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහාය.

විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය සඳහන් කළේ ඔවුන් හෙට (15) දිනයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති ලේකම්වරයා ඔස්ටින් ප්‍රනාන්දු හමුවී සාකච්ඡා පවත්වනු ඇති බවයි.

එහිදී ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ වෛරී සහ වර්ගවාදී ප්‍රකාශ පතුරුවා හැරීම වැළැක්වීම සම්බන්ධයෙන් ගත හැකි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු කරනු ඇත.

එම සාකච්ඡාවලින් අනතුරුව අනිද්දා වනවිට facebook තහනම ඉවත් කිරීමට හැකි වෙතැයි විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය සදහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රදේශ රැසකට අදත් තද වැසි

Mohamed Dilsad

සයිටම් විරෝධී වැඩ වර්ජනය පිළිබඳව තීර්ණය අද

Mohamed Dilsad

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉවත්කරන්නේ නැහැ – ඇමති සාගල මැති සබේ කියයි

Mohamed Dilsad

Leave a Comment