ප්‍රමුඛ පුවත 1

ඇමති රාජිත ක්ෂය රෝගය තුරන් කිරිමේ ජගත් සමුළුවට යයි

(UTV| කොළඹ) – ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැගෙනහිර ආසියානු රටවල ක්ෂය රෝගය තුරන් කිරිම සදහා වන ඉහළ පෙළේ නායකත්ව සමුළුවක් ලබන 13 සහ 14 යන දෙදින ඉන්දියාවේ නවදිල්ලි නුවර දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

එම සමුළුව සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහභාගි වීමට නියමිතය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 13 දා සමාරම්භක උත්සවය පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙහිදී ක්ෂය රෝගය තුරන් කිරිම සදහා ජාතික හා කළාපීය වශයෙන් ප්‍රතිඵලදායි විසදුමක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි සමුළු නියෝජිතයින් අවධානය යොමු කිරීමට නියමිතය.

එහිදී ගනු ලබන තීරණ ලෝක සෞඛ්‍ය සංවිධානයට ඉදිරිපත් කිරීමට ද කටයුතු යොදා ඇත. ශ්‍රී ලංකාවේ ක්ෂය රෝගය තුරන් කිරීම සදහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබදව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී විශේෂ දේශණයක් පැවැත්වීමට ද නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බිනර පුර පසළොස්වක පොහොය දිනය අදයි

Mohamed Dilsad

දිස්ත්‍රික් 09ක නායයෑම් අවදානම තවදුරටත්

Mohamed Dilsad

පොලිස්පතිවරයාට එරෙහි පූර්ණ අපරාධ විමර්ශන කඩිනම් කරන්නැයි උපදෙස්

Mohamed Dilsad

Leave a Comment