Trending News

“රට නොබෙදෙන අයුරින් සංහිදියාව ශක්තිමත් කර බලය බෙදීම සදහා රජය කැපවී සිටිනවා”ජනපති

(උදයම්,මඩකලපුව) – සියලූ ජනතාව එක් කර ගනිමින් එකම රටක් ලෙස රට ඉදිරියට ගෙනයාම තම රජයේ අරමුණ බව ජනාධිපතිවරයා පවසයි.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ මඩකලපුව කලවංචිකුඩි මූලික රෝහලේ නව බාහිර ප‍්‍රතිකාර ඒකකය සහ වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට අද (01) පෙරවරුවේ එක් වෙමිනි.

ඉදිරි වසර තුන තුළ නැගෙනහිර පළාතේ සියලූ සංවර්ධන අඩු පාඩු සම්පූර්ණ විය යුතු බව මෙහිදී සදහන් කළ ජනාධිපතිවරයා එම සංවර්ධන කටයුතු වෙනුවෙන් පසුගිය කාලයට වඩා ප‍්‍රමුඛත්වයක් ලබා දී කටයුතු කරන බව ද ප‍්‍රකාශ කළේය.

රට තුළ තහවුරු වී ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නිදහස උපයෝගී කර ගනිමින් රජයට කොපමණ විවේචන එල්ල කළ ද එම විවේචන ශක්තියක් කර ගනිමින් රට ගොඩනැගීමේ වගකීම නිසි ලෙසම ඉටුකරන බව ද ජනාධිපතිතුමා මෙහිදී ප‍්‍රකාශ කළේය.

රට නොබෙදෙන අයුරින් සංහිදියාව ශක්තිමත් කර බලය බෙදීම සදහා රජය කැපවී සිටින අතර ඒ පිළිබද මූලික කටයුතු ඉදිරි මාස කිහිපය තුළ අවසන් කිරීමට බලාපොරොත්තුවන බවද ජනාධිපතිතුමා කියා සිටියේය.

ශී‍්‍ර ලංකා රජයේ සහ ජයිකා ආයතනයේ මූල්‍ය දායකත්වයෙන් රුපියල් මිලියන 514 ක වියදමින් ඉදිකර ඇති කලවංචිකුඩි මූලික රෝහලේ බාහිර ප‍්‍රතිකාර ඒකකය සහ වාට්ටු සංකීර්ණය සහිත නව දෙමහල් ගොඩනැගිල්ල ජනතා අයිතියට පවරා දුන් ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

වාට්ටු සංකීර්ණය සදහා ඇතුළත් කෙරුණු පළමු රෝගියා ලියාපදිංචි කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.
රෝහල් සංවර්ධන කමිටුව විසින් විශේෂ සිහිවටන තිළිණයක් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

පළාත් සෞඛ්‍ය අමාත්‍ය ඒ.එල්.එම්. නසීර් මහතා ඇතුථ පළාතේ සෞඛ්‍ය කේෂේත‍්‍රයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරන නිලධාරින් වෙත උපහාර තිළිණ පිළිගැන්වීම ද ජනාධිපතිවරයා අතින් සිදු විය.

මඩකලපුව පට්ටිරප්පු ජාතික පාසලේ සිසුවෙකු විසින් නිර්මාණය කරන ලද ජනාධිපතිවරයාගේ රුව සහිත සිතුවමක්ද එම සිසුවා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

Related posts

ඩෙංගු මර්ධනයට ඔබත් හැකි පමණ දායක වන්න

Mohamed Dilsad

இந்தியன் 2 படத்தில் காஜல் அகர்வால்

Mohamed Dilsad

தம்புள்ளை சர்வதேச கிரிக்கெட் மைதானத்தின் கூரை மேல் ஏறி உண்ணாவிரத போராட்டம்!

Mohamed Dilsad

Leave a Comment