ප්‍රමුඛ පුවත 1

‘සමාජ වැඩට’ ජපුරෙන් උපාධියක්

(උදයම්.කොළඹ) – සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍යාංශය යටතේ පවතින උසස් අධ්‍යාපන ආයතනයක් වන සමාජ සංවර්ධන ආයතනය විසින් පවත්වාගෙන යන සියළුම උපාධි හා ඩිප්ලෝමා පාඨමාලා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය යටතේ පිරිනැමීමේ මූලික අවබෝධතා ගිවිසුමට අද (01) දෙපාර්ශවයම අත්සන් තැබීය.

මේ අනුව දැනට ජාතික සමාජ සංවර්ධන ආයතනය පිරිනමන ‘සමාජ වැඩ’ උපාධියත් එහි පශ්චාත් උපාධි පාඨමාලාව හා සෙසු ඩිප්ලෝමා පාඨමාලාවන් සියල්ල ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය යටතේ පිරිනැමෙනු ඇත.

අද බත්තරමුල්ලේ පිහිටි අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අදාල අවබෝධතා ගිවිසුමට අත්සන් තැබුණි.

එම අවස්ථාවට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය වෙනුවෙන් උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග කලාපීඨාධිපති මහාචාර්ය චන්ද්‍ර කුමාර් , සමාජ විද්‍යා අධ්‍යන අංශ පීඨාධිපති මහාචාර්ය මයුර සමරසිංහ හා කළමනාකරණ අංශ පීඨාධිපති මහාචාර්ය වීරකෝන් බංඩා යන මහත්වරුන්ද ජාතික සමාජ සංවර්ධන ආයතනය වෙනුවෙන් අධ්‍යක්ෂ ජනරාල් රිඩ්ලි ජයසිංහ හා අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ගාමිණි අත්තනායක යන මහත්ම මහත්මීන් ඇතුළු කාර්ය මණ්ඩලයද අමාත්‍යාංශ ලේකම් මහින්ද සෙනවිරත්න හා අතිරේක ලේකම් සමන් උඩවත්ත යන මහත්වරු හා අමාත්‍ය එස්.බී.දිසානායක මහතා ද එක්වීය.

Related posts

කප්පාදුවකින් තොරව විදුලිබලය සැපයීම ගැන ජනපතිගේ අවධානය

Mohamed Dilsad

වන අලි සමීක්ෂණය සිදු නොකරයි – වනජීවි දෙපාර්තමේන්තුව

Mohamed Dilsad

එජාප නායකත්වය වෙනස් විය යුතුයි[VIDEO]

Mohamed Dilsad

Leave a Comment