ක්‍රීඩා

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෙකුට 6 වසරක තරග තහනමක්

(උදයම්,ඇමෙරිකාව) – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක අන්ද්‍රේ රුසෙල් හට වසරක කාලයක් තරඟ තහනමක් පනවයි.

ක්‍රිකට් පරීක්ෂණ කමිටුවක් විසින් ඊයේ සිට ක්‍රියාත්මක වන අයුරින් මෙම දඬුවම නියම කර ඇති බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරයි.

අන්ද්‍රේ රුසෙල් විසින් තහනම් උත්තේජක චෝදනා සම්බන්ධයෙන් වූ පරීක්ෂණ මගහැරීම මෙම දඬුවමට හේතු වී ඇත.

මේ අයුරින් 2015 වසරේ සිට රුසෙල් තුන්වතාවක් තහනම් උත්තේජක පරීක්ෂණ මගහැර තිබේ.මේ සම්බන්ධ සම්පූර්ණ වාර්තාව මෙතෙක් ඉදිරිපත්කර නොමැති බවද විදෙස් ක්‍රීඩා වාර්තා වල දැක්වේ.

Related posts

IPL ඊයේ ජය පන්ජාබ් කින්ග්ස් පිළට

Mohamed Dilsad

නවසිලන්ත ක්‍රිකට් සේවකයන් ඉවත් නොකිරීමට පියවර

Mohamed Dilsad

වාස් තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කරයි

Mohamed Dilsad

Leave a Comment