ප්‍රමුඛ පුවත 1

නීතිය හා සාමය අමාත්‍ය ධුරය ඉදිරියේදී වෙනස් වෙයිද?

(UTV| කොළඹ) – නීතිය හා සාමය පිළිබද අමාත්‍ය ධුරය සඳහා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පත් කරන බව රජය පවසයි.

සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය බාරගෙන ඇත්තේ සති දෙකක කාලයක් සඳහා පමණක් බවයි.
සරත්  ෆොන්සේකා මහතා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයට පත්වීමට පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් අකමැත්ත පල කළ ද පහළ ශ්‍රේණියේ නිලධාරීන් කැමැත්ත පල කරන බව රාජිත සේනාරත්න අමාත්‍යවරයා පවසයි.
සෘජු තීන්දු තිරණ ගන්නා දක්ෂයින් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයට අවශ්‍ය වන අතර ඩබල් ගේම් ගසන පුද්ගලයින් මෙම තනතුරුට සුදුසු නොවන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඊයේ (26) පැවති සාකච්ඡාවකදී සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙම කරුණු අනාවරණය කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බංගලාදේශ පොලිස් කණ්ඩායමක් දිවයිනට

Mohamed Dilsad

ගැබ්ගෙල පිළිකා වැළැක්වීම සඳහා හියුමන් පැපිලෝමා වෛරස එන්නත අද සිට

Mohamed Dilsad

ශ්‍රී ලංකාව පිළිබඳව රාජ්‍ය දෙකක් ලෙස සලකා බ්‍රිතාන්‍ය ක්‍රියාකිරීම උචිත නෑ [VIDEO]

Mohamed Dilsad

Leave a Comment