ප්‍රමුඛ පුවත 1

ගුවන් යානා ප්‍රමාදය තවදුරටත්

(UTV| කොළඹ) – ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානා කිහිපයක කාර්මික දෝෂ හේතුවෙන් ඇති වූ ගුවන් ගමන් ප්‍රමාදය තවමත් අවසන් වී නොමැති බව වාර්තාවේ.

ගුවන් සේවයේ ප්‍රකාශකයෙකු පැවසුවේ එය බොහෝදුරට පාලනය කිරීමට හැකි වී ඇති බවය.

ඊයේ (26) දිනයේදී චෙන්නායි, මෙල්බර්න්, ජාකර්තා, ක්වාලාලාම්පූර්, මාලේ සහ හොංකොං සිට පැමිණි සහ ජෙඩා, කුවේට් සහ දෝහා වෙත ගමන් ගත් ගුවන් යානාවල ප්‍රමාදයන් සිදුවුණි.

කොචින් සිට ගමන් ගත් යානයක කුරුල්ලෙකු ගැටීම ඇතුළු වැළැක්විය නොහැකි හේතූන් මත ගුවන් යානාවලට සිදුවූ හානි හේතුවෙන් එලෙස ඇති වූ පමාව පිළිබඳව ගුවන් සේවය මගීන්ගෙන් සමාව ඉල්ලා සිටී.

මෙම ප්‍රමාදයන් පිළිබඳව පැය 24 පුරා ක්‍රියාත්මක 01 973 319 79 දුරකථන අංකය ඇමතීමෙන් තොරතුරු ලබා ගත හැකි බවයි ගුවන් සේවය දැනුම් දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අධික උණුසුම නිසා විදුලි පරිභෝජනය ඉහලට.

Mohamed Dilsad

ලක්ෂ ගණන් වැය කරලා මැෂින් ගෙනල්ලා ෆෝන් ටැප් කළේ මේ ආණ්ඩුව නෙවෙයි. – ඇමති හැරිසන් කියයි

Mohamed Dilsad

මන්ත්‍රී රිෂාඩ් ඇමති විමල්ට අභියෝග කරයි

Mohamed Dilsad

Leave a Comment