ප්‍රමුඛ පුවත 1

අමෙරිකානු සාම ප්‍රජා ස්වේච්ඡා වැඩසටහන නැවත ක්‍රියාත්මක කිරීමට ගිවිසුම් අත්සන් කරයි

(UTV| කොළඹ) – අමෙරිකානු සාම ප්‍රජා ස්වේච්ඡා වැඩසටහන නැවත ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීම සදහා නව ද්වි-පාර්ශ්වික ගිවිසුමකට අරලියගහ මන්දිරයේදී අත්සන් කිරීම පසුගියදා සිදු කෙරිණි.

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ එක්සත් ජනපද තානාපති අතුල් කෙෂප් යන මහත්වරු ඉදිරියේ දී එක්සත් ජනපද සාම හමුදාවේ වැඩබලන අධ්‍යක්ෂ ශීලා ක්‍රොවිලි මහත්මිය සහ ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා විසින් මෙම ගිවිසුමට අත්සන් තබන ලදී.

එම ගිවිසුම සඳහා අත්සන් තබන අවස්ථාවට යෞවන කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එජාප කුරුණෑගල රැලිය හෙටයි

Mohamed Dilsad

රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් ගොනුකළ පෙත්සම් සලකා බැලීමට අවසර

Mohamed Dilsad

දුම්රිය වැඩවර්ජනයත් සමඟ ලංගමට රුපියල් මිලියන 79 ක අදායමක්

Mohamed Dilsad

Leave a Comment