ක්‍රීඩා

20 යි විස්සේ ජය ශ්‍රී ලංකාවට

(UTV| බංගලාදේශය) – බංග්ලාදේශය සමඟ පැවති දෙවන් සහ අවසන් පන්දුවාර 20 තරඟය ජය ගන්නට ශ්‍රී ලංකාව අද (18) සමත් වුණි.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟය ජය ගත්තේ ලකුණු 75කිනි.

කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුව ශ්‍රී  කණ්ඩායමට පන්දුවට පහරදීමට අවස්ථාව ලබාදුන් අතර නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 210ක් රැස් කළේය.
කුසල් මෙන්ඩිස් ලකුණු 70යි.
කුසල් පන්දු 42කදී රැස් කළ ලකුණු හැත්තෑවට හතරේ පහර 06ක් සහ හයේ පහර 03ක් ඇතුළත්ය.
ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක ලකුණු 42ක් රැස් කළ අතර පිතිකරණ ලැයිස්තුවේ උසස්වීමක් ලබා පැමිණි තිසර පෙරේරා වේගවත් ලකුණු 31ක් රැස් කළේ පන්දු 17කදී.
උපුල් තරංග ලකුණු 25ක් රැස් කළ අතර දසුන් ශානක නොදැවී ලකුණු 30ක් රැස් කළේය.
පන්දු යැවීමේදී මොහොමඩ් යසිෆුඩින්, අබු ජෙයිඩ්, සෞම්ය සර්කාර් සහ මුශ්ටෆිසුරි රහීම් එක් කඩුල්ල බැගින් බිඳ දැමීය.
ලකුණු 211ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශය කණ්ඩායමට පන්දුවාර 18යි පන්දු 03ක් තුලදී  සියල්ලන් දැවී රැස්කර ගත හැකි වුයේ ලකුණු 135ක් පමණි.
පන්දු යැවීමේදී ෂෙහාන් මධුසංක කඩුලු 02ක් බිඳ දැමු අතර ධනුෂ්ක ගුණතිලක කඩුලු 02ක් බිඳ දැමීය.
මෙම ජයත් සමඟ දෙරට අතර පැවති පන්දුවාර 20 තරඟාවලියේ ජය තරඟ දෙකට බිංදුවක් ලෙස ශ්‍රී ලංකාව හිමිකර ගත්තේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

සූරියවැවට ජාත්‍යන්තර තරඟ නොදෙන්නේ ඇයි? ක්‍රීඩා ඇමති කියන කතාව

Mohamed Dilsad

ශහිඩ් අෆ්රිඩි යළිත් මව්රට බලා පිටත්ව යයි

Mohamed Dilsad

මහනුවර ත්‍රිත්ව විදුහල් ක්‍රිකට් සංග්‍රාමය කල් යයි

Mohamed Dilsad

Leave a Comment