ප්‍රමුඛ පුවත 1

ශ්‍රීලනිපයේ අවසන් තීරණය අද

(UTV| කොළඹ) – ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණය අද (19) ගැනීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

හෙට පැවැත්වෙන පාර්ලිමේන්තු පක්ෂ නායක කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව මෙම තීරණය ගැනෙනු ඇති බව වාර්තා වේ.

මේ අතර වත්මන් දේශපාලන තත්ත්වය සහ පාර්ලිමේන්තුව තුළ බහුතරය පෙන්වන ආකාරය පිළිබදව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් ඊයේ(18) පස්වරුවේ ජනාධිපතිවරයා හමුවිය.

ඊයේ පෙරවරුවේ ජනාධිපතිවරයා සහ නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු අතර සාකච්ඡාවක් ද පවත්වා තිබේ.

එසේම  අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා සහ ජනාධිපතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ(18) ජනාධිපති නිල නිවසේදී පැවැත්වුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සදහා යොමු කෙරේ

Mohamed Dilsad

පළාත් කීපයකට තද වැසි හා සුළං

Mohamed Dilsad

කොළඹ වරාය නගරය කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයට අයත් වෙන ගැසට් නිවේදනය නිකුත් වෙයි

Mohamed Dilsad

Leave a Comment