ක්‍රීඩා

Sitting Volleyball වැඩමුළුවක්

(UTV| කොළඹ) – පා ආබාධ සහිත කාන්තාවන් සහභාගී වන බිම හිඳ ක්‍රීඩා කරන වොලිබෝල් ( Sitting Volleyball) ජාතික  කණ්ඩායමක් පිහිටුවීම සඳහා ශ්‍රීලංකා වොලිබෝල් සම්මේලනයට අනුබද්ධ ජාතික බිම හිඳ ක්‍රීඩා කරන කාන්තා වොලිබෝල් සංගමය( National Sitting Volleyball Association ) අනුරාධපුරයේදී නේවාසික ක්‍රීඩා වැඩමුළුවක් පැවැත්වීමට සූදානම් කර ඇත.

මෙම ක්‍රීඩාව සඳහා වෛද්‍ය වර්ගීකරණයට අනුව 42-44 කාණ්ඩයේ එක් පාදයක් හේ පාද දෙකම ආබාධ සහිත තරුණ කාන්තාවන් බඳවා ගනු ලබන අතර ඔවුන් සඳහා මෙම බහුදින නේවාසික ක්‍රීඩා වැඩමුළුව පැවැත්වේ.

ජාත්‍යන්තර තරඟ සංචාර රැසකට දොරටු විවර වන මෙම ජාතික කණ්ඩායම සඳහා ක්‍රීඩා කිරීමට කැමති පෙර කී ආබාධිත තත්වයේ සිටින තරුණ කාන්තාවන් වහාම මෙම සංගමයේ සභාපතිනිය වන ජාතික පැරාලිම්පික් කමිටුවේ ක්‍රීඩා ප්‍රවර්ධන නිළධාරීනි නාලිනි රණසිංහ මෙනවිය 0702522127 – 0786975576 දුරකථන අංක ඔස්සේ අමතන ලෙස ඉල්ලා සිටියි.

මෙම වැඩමුළුවෙන් පසු ජාතික කණ්ඩායම සඳහා තෝරා ගන්නා ක්‍රීඩිකාවන් ලබන අගෝස්තු මස ඉන්දුනීසියාවේදී පැවැත්වෙන ආසියානු පැරා ක්‍රීඩා උළෙල ඉලක්ක කර පුහුණුවීම් ආරම්භ කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

Mohamed Dilsad

ඉන්දු – ශ්‍රි ලංකා විස්සයි 20 අවසන් තරගය අදයි

Mohamed Dilsad

ටෙස්ට් තරඟයේ දෙවන දිනය අද

Mohamed Dilsad

Leave a Comment