ප්‍රමුඛ පුවත 1

මහා ශිව රාත්‍රී දින පණිවුඩය – සෞභාග්‍යමත් අනාගතයක් වෙනුවෙන් තමන්ගේ අපේක්ෂාවන් ඉටුවේවා

(UTV| කොළඹ) – මහාශිව රාත්‍රී දිනය වෙනුවෙන් අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පණිවුඩයක් නිකුත් කර තිබේ.

”ලොව පුරා හින්දු භක්තික ජනතාව අවසානයක් හා ආරම්භයක් නොමැති කරුණාවන්ත වූ ශිව දෙවියන් වෙනුවෙන් පුද පිළිවෙත් ඉටුකරමින් මහත් හරසරින් මහා ශිව රාත්‍රී දිනය සමරන අතර, මෙය ශිව දෙවියන් අතිශය ප්‍රිය කරන රාත්‍රිය ලෙස සැලකේ.

මෝහාන්ධකාරය දුරු වී ප්‍ර ඥාලෝකය දැල්වේවායි ප්‍රාර්ථනයෙන් මේ රැය පුරා හින්දු බැතිමත්හු උපවාසයේ යෙදෙමින් පුණ්‍ය ක්‍රියා ඉටුකරති. ශිව රාත්‍රිය අර්ථවත්ව ගතකිරීමෙන් අධ්‍යාත්මික විමුක්තිය උදාවන බව ඔවුන්ගේ විශ්වාසයයි. ශිව දෙවියන්ගේ නර්තනය සිදු වූ රාත්‍රිය ද වන මහා ශිව රාත්‍රී දිනය සුවිශේෂ සංස්කෘතික අංගවලින්ද සමන්විත ය.

සියලූ සත්ත්වයින්ට ආදරය, කරුණාව දක්වමින් එමගින් දෙවියන් දකින උසස් හින්දු සම්ප්‍රදායකින් යුත් ශ්‍රී ලාංකික හින්දු ජනතාවද ශ්‍රී ලංකාවේ වෙසෙන අනෙකුත් ජාතීන් සමඟ එක්සත්ව හා මිත්‍රත්වයෙන් ජීවත් වීමේ දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියති. වාර්ගික, ආගමික භේදවලින් තොරව එකිනෙකාගේ සංස්කෘතික, ආගමික විවිධත්වය අගයමින් එකමුතුව දිවි ගෙවන්නට මහා ශිව රාත්‍රී දිනය අප ජීවිතවලටද ආලෝකයේ මාවතක් කරගනිමු.

මහා ශිව රාත්‍රී උත්සවය සමරන සමස්ත හින්දු ජනතාවට සෞභාග්‍යමත් අනාගතයක් වෙනුවෙන් වූ තමන්ගේ අපේක්ෂාවන් ඉටුවේවායි මාගේ හදපිරි සුබ පැතුම් පිරිනමන අතර අර්ථපූර්ණ, ප්‍රීතිමත් ශිව රාත්‍රි දිනයක් වේවායි ප්‍රාර්ථනා කරමි”.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජාතික පාසල් සඳහා විදුහල්පතිවරුන් පත් කිරිමේ සම්මුඛ පරීක්‍ෂණ ලබන 17 වැනිදා අවසන්..

Mohamed Dilsad

තවත් සැකකරුවන් 16ක් අත්අඩංගුවට

Mohamed Dilsad

අති විශේෂ ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment