ප්‍රමුඛ පුවත 1

බීමත්ව ඡන්ද පොළට ගියොත් නීතිය ක්‍රියාත්මකයි

(UTV| කොළඹ) – ඡන්ද මධ්‍යස්ථානවලට බීමත්ව පුද්ගලයන් පැමිණිය හොත් එම අයට එරෙහිව නීතිය ක්‍රියත්මක කෙරෙන බව පොලීසිය පවසයි.

මේ සම්බන්ධයෙන් සියලු පොලිස් ස්ථාන දැනුවත් කර තිබේ. තවද මෙවැනි පුද්ගලයෙකු ඡන්ද මධ්‍යස්ථනයට හෝ ගණන් කිරීමේ මධ්‍යස්ථානයකට අපේක්ෂකයකු විසින් රැගෙන එන්නේ නම් එම අපේක්ෂකයන්ට එරෙහිව අනුබල දීමේ වරදට නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

පොලිසිඅය් පවසන අන්දමට මෙවැනි වරදකට යම් අපේක්ෂකයකු වැරදිකරුවෙකු වුවහොත් ආසනය දිනා සිටිය ද පසුව ආසනය අහිමි වීමට ඉඩ ඇත. මේ සම්බන්ධයෙන් පොලීසිය නීතිය ක්‍රියාත්මක කරන බවත් දැඩි විමසිල්ලෙන් සිටින බවත් වීමත්ව ඡන්ද මධ්‍යස්ථානය වෙත හෝ ගණන් කිරීමේ මධ්‍යස්ථානය වෙත පැමිණීම සපුරා තහනම් බවද පොලීසිය නිවේදනය කරයි.

alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අගෝස්තු 05 අපොස උසස් පෙළ විභාගය ඇරඹීමට සුදානම්

Mohamed Dilsad

දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත්

Mohamed Dilsad

සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම අද රැස් වෙයි

Mohamed Dilsad

Leave a Comment