විදෙස්

ජනාධිපති අදමා බැරෝ යළිත් සිය රටට

(උදයම්,ගැම්බියාව)  – ගැම්බියාවේ නව ජනාධිපතිවරයා යළි සියරටට පැමිණෙයි.
ජනපතිවරණයෙන් පරාජයට පත්වී තවදුරටත් බලයේ රැදී සිටීමට හිටපු ජනපති යහියා ජමේ දැරූ උත්සාහය අසාර්ථක වීමෙන් පසු ජනාධිපති අදමා බැරෝ ඊයේ යළි සියරටට පැමිණියේය.
ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා වූ නව ජනාධිපති අදමා බැරෝ සෙනගාලය සහ නයිජීරියානු හමුදාවල ආරක්ෂාව මධ්‍යයේ ගැම්බියාවේ බැන්ජුල් අගනුවරට ළගා විය.
වසර 22 ක් ගැම්බියාව පාලනය කළ යහියා ජමේ රටින් නික්මයාමේදී භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 11 ක් රැගෙන ගොස් ඇති බවටද  චෝදනා එල්ල වුණි.

Related posts

බි‍්‍රතාන්‍ය සංචාරකයින්ට නිරෝධායනය අනිවාර්ය කිරීමට අයර්ලන්තයෙන් තීරණයක්

Mohamed Dilsad

ටෝකියෝවලට ‘ෆැක්සායි’ බලපෑම් කරයි

Mohamed Dilsad

දශක කිහිපයකට පසු ඕස්ට්‍රේලියාවට බලපෑ දරුණුතම ජල ගැලීම

Mohamed Dilsad

Leave a Comment