විදෙස්

දශකයක කාලයකින් පසු බීජිං නුවර හරහා දැවැන්ත වැලි කුණාටුවක්

(UTV | චීනය) – දශකයකට ආසන්න කාලයකට පසු චීනයේ බීජිං අගනුවර හරහා ඊයේ (15) හමා ගිය දැවැන්ත වැලි කුණාටුවක් හේතුවෙන් නගරය පුරා වැලි හා කුණු රොඩු විසිරී ගොස් අහස මුළුමනින්ම තැඹිලි පැහැ ගැන්වී තිබිණු බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.      

මෙම වැලි කුණාටුව හේතුවෙන් මිලියන 21.7 ක ජනගහනයක් වාසය කරන බීජිං නගරයේ උසැති ගොඩනැගිලි හා මෝටර් රථ සිනිදු මීදුමකින් වැසී ගොස් තිබේ.

වායුගෝලය අනතුරුදායක ලෙස දුෂණය වී තිබීම හේතුවෙන් නගරවාසීන්ට නිවෙස්වලටම වී සිටින ලෙස දැනුම් දීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබිණි.

ඊයේ පස්වරු කාලයේ මෙම වැලි කුණාටුව නිසා පරිසරය පුරා විසිරී ගිය වැලි හා කුණු රොඩු හේතුවෙන් වාහන පදවන්නන් මාර්ගය නිසි ලෙස දර්ශනය නොවීම නිසා දැඩි අසීරුතාවයකට පත්ව සිටි අතර , වාහනවල විදුලි ලාම්පු දල්වමින් මාර්ගය දර්ශනය කරගැනීම සඳහා ඔවුන්ට දැඩි වෙහෙසක් දැරීමට සිදුව තිබිණි.

 

 

Related posts

ටජ් මහල නැරඹීමට සීමාවක්

Mohamed Dilsad

අන්තර්ජාලය කැළඹූ Top G හෙවත් Andrew Tate අත්අඩංගුවට

Mohamed Dilsad

කොරෝනාවෙන් දැඩි බලපෑම් එල්ල වූ ස්පාඤ්ඤය හෙට සිට ඇඳිරි නීතිය ඉවත් කරයි

Mohamed Dilsad

Leave a Comment