විදෙස්

ඇස්ට්‍රාසෙනෙකා පිළිබඳව WHO දැනුම් දීමක් කරයි

(UTV| ඇමරිකාව) – කොවිඩ් 19 මර්දනය සඳහා වන එන්නතකරණ වැඩසටහන නොනවත්වා ඉදිරියට ගෙන යන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ලොව රටවලින් ඉල්ලා සිටියි.  

ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම ඉල්ලීම සිදු කර ඇත්තේ, රුධිර කැටි ගැසීම් පිළිබඳ සිදුවීම් වාර්තාවීමත් සමග ලොව රටවල් කිහිපයක් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා දීම අත්හිටුවීමට තීරණය කිරීමත් සමගයි.

එහි ප්‍රකාශක ක්‍රිස්ටියන් ලින්ඩ්මියර් පවසන්නේ, මේ වනවිට ත් වාර්තාවල අන්තර්ගතයන් විමර්ශනය කරමින් සිටින බව ත් එන්නත සහ රුධිර කැටි ගැසීම අතර සම්බන්ධයක් ඇති බවට මේ වන තෙක් තහවුරු වී නොමැති බවයි.

මෙම සිදුවීම් පිළිබඳ පූර්ණ අවබෝධයක් ලබා ගත් වහාම, සොයාගැනීම් සහ වර්තමාන නිර්දේශයන්හි කිසියම් වෙනස්කමක් සිදු වන්නේ නම් ඒ පිළිබඳව වහාම ජනතාව දැනුවත් කරන බව ද ඔහු පවසා ඇත.

ඇස්ට්‍රාසෙනෙකා එන්නත සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත් ආරක්ෂණ විශේෂඥයින් අද (16) දිනයේ රැස්වීමට නියමිතයි.

මේ අතර එක්සත් ජනපද ඖෂධ නියාමන ආයතනය පවසන්නේ, එන්නත මගින් රැධිර කැටි ඇති බන බවට සාක්ෂි නොමැති බවයි.

මේ අතර විමර්ශනවල ප්‍රතිඵල ලැබෙන තුරු පූර්ව ආරක්ෂක පියවරක් ලෙස ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය සහ ස්පාඤ්ඤය සහ තවත් රටවල් කිහිපයක් සිය එන්නත්කරණ වැඩසටහන තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත.

 

Related posts

චීනයෙන් මතුවූ අලුත් වසංගතය තවත් රටවල් කිහිපයකට

Mohamed Dilsad

කොරෝනා XE වයිරසය වැළඳුණු රෝගියකු ඉන්දියාවෙන්

Mohamed Dilsad

කොවිඩ් මිනිස් ප්‍රතිශක්තිකරණ පද්ධතියට හානි කරයි

Mohamed Dilsad

Leave a Comment