ප්‍රමුඛ පුවත 1

කතරගම වෙඩිතැබීමේ සිද්ධිය මානවහිමිකම් කොමිසමට

(UTV|කතරගම) – පොලිස් කොස්තාපල්වරයෙක්ගේ වෙඩි පහරින් පුද්ගලයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ද පරීක්ෂණයක් ආරම්භ කරයි.

එම කොමිසමේ නිලධාරීන් පිරිසක් ඊයේ දිනයේම කතරගම ප්‍රදේශයට ගොස් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව වාර්තාවේ.

මාධ්‍ය වාර්තා කළ තොරතුරුවලට අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන් මෙම පරීක්ෂණය ආරම්භ කර ඇත.

අණ නොතකා ධාවනය කළ යතුරුපැදියක ගමන් කළ පුද්ගලයෙකු කතරගම නගරයේ මුර සංචාරයේ යෙදුණු පොලිස් කොස්තාපල්වරයෙකුගේ වෙඩි පහරින් පසුගිය දා ජීවිතක්ෂයට පත්විය.

ඊට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් පොලීසිය ඉදිරිපිට නොසන්සුන්කාරී ලෙස හැසිරුණි.

එහිදි පොලීසිය අවස්ථා දෙකකදී එම පිරිස විසුරුවා හැරීම සඳහා කඳුඵ ගෑස් සහ බැටන් ප්‍රහාර එල්ල කල අතර, විරෝධතාවයේ නිරත වූ කාන්තාවන් ඇතුළු පුද්ගලයින් 58 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරීමටයි නියෝග කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පුජිත සහ හේමසිරි කොළඹ මහා අධිකරණයට එයි

Mohamed Dilsad

ජනපති නියමයෙන් සියලු රාජ්‍ය ආයතන වල ඡායාරූප ඉවතට

Mohamed Dilsad

යුද හමුදාවේ බ්‍රිගේඩියර්වරුන් 8 දෙනෙකුට උසස්වීම්

Mohamed Dilsad

Leave a Comment