ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට මිලියන 110 ක නවීන කැමරා පද්ධතියක්

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු සංකීර්ණයේ ආරක්ෂාව වෙනුවෙන් නවීන තාක්ෂණයෙන් යුතු ආරක්ෂක කැමරා පද්ධතියක් සවි කිරීමට තීරණය කර තිබෙන අතර , ඊට අදාළ කටයුතු පෞද්ගලික ආයතනයක් හරහා මේ වන විටත් සිදුකරමින් පවතින බව වාර්තා වෙයි.

සවිකර ඇති කැමරා පද්ධතිය වසර 10ක් පැරණි බවත්, මෙම නවීන ආරක්ෂක කැමරා පද්ධතිය නූතන තාක්ෂණය සහිතව නිර්මාණය කර ඇත.

මේ සදහා මිලියන 110 ක වියදමක් දැරීමටසිදුවන බවත් , නව ආරක්ෂක කැමරා පද්ධතිය ලබන ඔක්තෝම්බර් මාසය වන විට සක්‍රීය කිරීමට නියමිත බවත් වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.

නව ආරක්ෂක කැමරා පද්ධතිය මගින් පාර්ලිමේන්තුවට පැමිණෙන සහ පිටවන මෙන්ම නවතා ඇති රථ වාහනවල අංක පවා පැහැදිලිව හඳුනා ගත හැකි වනු ඇති.

Related posts

තවත් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

HNDA සිසු විරෝධතාවක් හේතුවෙන් පුරහල අවට තදබදයක්..

Mohamed Dilsad

අකුරණ පානගමුව මුස්ලිම් විද්‍යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කෙරේ

Mohamed Dilsad

Leave a Comment