ක්‍රීඩා

ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ නායකයා කවුද?

(UTV|කොළඹ)  –  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ සමග සාකච්ජා කර එක්දින කණ්ඩායමට පත් කරන නව නායකයා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ(03) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන්ගෙන් යොමුවුණු ප්‍රශ්නයකට  පිළිතුරු ලබාදෙමිනි.

මේ අතර, බංග්ලාදේශ ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා මුලික සංචිතය මේ දිනවල නව පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා යටතේ පුහුණුවීම් සිදුකරයි.

මේ අතර, ඔස්ට්‍රේලියානු ජාතික මනෝ වෛද්‍ය ෆිල් ජොන්සේ මහතා ද අද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග එක්ව සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලසිත් මාලිංග ලීග් තරඟාවලියෙන් සමුගනියි

Mohamed Dilsad

තායිලන්තය පරාජය කරමින් එංගලන්ත කාන්තා පිල ජයගනී

Mohamed Dilsad

ක්‍රෙසන්ට් ජාත්‍යන්තර පාසලේ නිවාසාන්තර මලල ක්‍රීඩා උළෙල සුගතදාසහිදී

Mohamed Dilsad

Leave a Comment