Trending News

ශ්‍රී ලාංකිකයන් සඳහා පූර්ණ අරමුදල් සහිත පුහුණු වැඩසටහන් ඉන්දියාව ලබා දෙයි

(UTV|ඉන්දියාව) – ඉන්දීය විදේශීය කටයුතු පිළිබඳ ඉන්දියානු කාර්මික සහ ආර්ථික සහයෝගීතා (ITEC) වැඩසටහන යටතේ ශ්‍රී ලාංකික නිලධාරීන් (අවුරුදු 45 සහ ඊට අඩු) සඳහා ඉන්දියාවේ විවිධ ආයතනවල විවිධ අංශ ගණනාවක් පුරා ව්‍යාප්තව පුහුණු පාඨමාලා 40 කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් කරයි. ඉන්දියානු රජය විසින් 2018 වසරේ මාර්තු 15 සිට මාර්තු 31 දක්වා ක්‍රියාත්මක කරයි.

මෙම පාඨමාලා ඉන්දියානු රජය විසින් පූර්ණ වශයෙන් අරමුදල් සපයනු ලබන අතර ගුවන් සේවා, නවාතැන්, අධ්‍යයන චාරිකා, පාඨමාලා ගාස්තු, ජීවන වියදම් දීමනාව, පොත් දීමනා ආදී වශයෙන් ලබාදෙන බව කොළඹ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

නායකත්වය හා නිපුණතා සංවර්ධනය, ජාත්‍යන්තර වෙළඳාම, කළමනාකරණය, ගිණුම්කරණය, ජල සම්පත්, ව්‍යවසායකත්වය, පුනර්ජනනීය බලශක්ති, පාලන, ටෙලිමෙඩිසින්, තොරතුරු තාක්ෂණය, ඉංග්‍රීසි භාෂාව, කෘෂිකර්ම, ග්‍රාමීය සංවර්ධනය, සංචාරක කටයුතු ආදිය ක්ෂේත්‍ර සඳහා ඔබට අයදුම් කල හැක.  https://www.itecgoi.in/coursecal.php

උනන්දුවක් දක්වන අයට ITEC පාඨමාලා සඳහා අයදුම් කළ හැකිය. https://www.itecgoi.in/meaportal/registerApplicant

අයදුම්කරුවන්ට අන්තර්ජාලය හරහා ඔවුන්ගේ අයදුම්පත්‍රය පරීක්ෂා කර ගත හැකිය.

අන්තර්ජාලය ඔස්සේ අයදුම් කිරීමෙන් පසු ඔබට එම අයදුම්පතේ පිටපතක් ලබාගත හැකි අතර එම කොපිය අධ්‍යක්‍ෂ, එක්සත් ජාතීන්ගේ සංවිධානය, තාක්ෂණ හා රාජ්ය නොවන සංවිධාන අංශය, බාහිර සම්පත් දෙපාර්තමේන්තුව, 3 වන මහල, භාණ්ඩාගාරය, ලේකම් කාර්යාල ගොඩනැගිල්ල, කොළඹ 01,යන ලිපිනයටද එහි තවත් කොපියක් ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලය,36-38, ගාලු පාර, කොළඹ – 03 යන ලිපිනයටද යොමු කල යුතුය.

අයදුම්කරුවන් සඳහා නියමයන් සහ කොන්දේසි සහ මාර්ගෝපදේශයන් මෙම වෙබ් ලිපිනයෙන් ලබා ගත හැක https://www.itecgoi.in/terms_and_conditions.php

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

2019ம் ஆண்டு தரம் ஒன்றில் மாணவர்களை பாடசாலைகளில் இணைத்துக் கொள்ளும் தேசிய வைபவம்

Mohamed Dilsad

Golfer Westwood in £22K Cheltenham clean sweep

Mohamed Dilsad

WTO to give Sri Lanka first glimpse of the landmark Information Technology Agreement

Mohamed Dilsad

Leave a Comment