ප්‍රමුඛ පුවත 1

අද සිට බදුල්ලට විශේෂ දුම්රියක්

(UTV|කොළඹ) – එළැඹෙන අලුත් අවුරුද්ද, නත්තල් සමය හා පාසල් නිවාඩු සමය හේතුවෙන් අද (22) සිට ජනවාරි 07දා දක්වා කොළඹ කොටුව සිට බදුල්ල දක්වා විශේෂ දුම්රියයක් ධාවනයට යොදවා ඇතැයි අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි විජය සමරසිංහ මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

ඒ අනුව 22, 24, 26, 28, සහ ජනවාරි 2, 4, 6 යන දිනවලින් පෙරවරු 7.03ට කොළඹ කොටුවෙන් පිටත්ව යන දුම්රිය පස්වරු 5.39ට බදුල්ලට ළඟාවීමට කටයුතු යොදා ඇත.

එමෙන් ම 23, 25, 27, 29 සහ ජනවාරි 03, 05, 07 යන දිනවලදී පෙරවරු 7.15ට බදුල්ලෙන් ගමන් ආරම්භ කරන දුම්රිය පස්වරු 6.12ට කොළඹ කොටුව වෙත ළඟාවීඹට ද කටයුතු යොදා ඇත.

මෙම විශේෂ දුම්රිය නැරඹුම් මැදරියකින්, දෙවන පන්තියේ මැදිරි දෙකකින් හා තුන්වැනි පන්තියේ මැදරි දෙකකින් යුක්ත වේ.

දුම්රිය සාමාන්‍යාධිකාරි මහානාම අබේවික්‍රම මහතාගේ උපදෙස් හා ජනතාවගේ ඉල්ලීම පරිදි මෙලෙස සාමාන්‍ය දිනවලදී ධාවනය වන දුම්රියයන්ට අමතර ව විශේෂ දුම්රියක් ධාවනයට යොදවා ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

නව රජය අතීතයේ වැරදි නැවත කළහොත් ඊට හඬ නඟනවා [VIDEO]

Mohamed Dilsad

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ තීරණය හෙට – ඇමති රිෂාඩ් කියයි

Mohamed Dilsad

හෝටල් සහ ආපනශාලාවල ආහාර පරීක්ෂා කිරීම් තවදුරටත්….

Mohamed Dilsad

Leave a Comment