ප්‍රමුඛ පුවත 1

සිසුවෙකුට වද හිංසා කළ ගුරුවරයෙකු ඇතුළු 5ක් අත්අඩංගුවට

(උදයම්,කොළඹ )    –   පාසල් සිසුවෙකුට පහරදී වදහිංසා සිදුකිරීම සම්බන්ධයෙන් පාසල් ක්‍රීඩා උපදේශකවරයෙකු සහ සිසුන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

දෙමටගොඩ ප්‍රදේශයේ පාසලක 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකු මෙම පහරකෑමට  ලක්ව ඇති බව වාර්තාවේ.

අදාළ සිසුවා පාසලේ බැඩ්මින්ටන් ක්‍රීඩාවේ නිරතව සිටියදී ක්‍රීඩා උපදේශකවරයා විසින් ඔහුහට රගර් ක්‍රීඩාවේ නිරතවන ලෙසට බල කර  ඇති බව සඳහන්ය.

සිසුවා ඊට අකමැත්ත පළ කිරීම හේතුවෙන් ක්‍රීඩා උපදේශකවරයාගේ උපදෙස් මත තවත් සිසුන් සිව්දෙනෙකු විසින් එම සිසුවා පාසලේ රගර් ක්‍රීඩා කාමරයට බලහත්කාරයෙන් රැගෙන ගොස් යකඩ බාරයක එල්ලා පොලුවලින් පහරදී  වදහිංසා සිදුකර ඇති බව පොලීසිය පවසයි.

පහරකෑමට ලක්වු සිසුවා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් දෙමටගොඩ පොලීසියට ලැබුණු පැමිණිල්ලකට අනුව සිද්ධියට අදාළ ක්‍රීඩා උපදේශකවරයා සහ සිසුන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද (24) දින අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

සරසවි සිසු විරෝධයෙන් පුරහල අවට රථ වාහන ධාවනයට බාධා

Mohamed Dilsad

ඕමානයේ සිදුවූ රිය අනතුරකින් ශ්‍රී ලාංකිකයන් 04 ක් ජීවිතක්ෂයට..

Mohamed Dilsad

ජාතීන් අතර අසමගිය ඇති කිරීමේ කිසිදු සංවිධානයකට සම්බන්ධ නෑ – ඝෝටාභය රාජපක්ෂ

Mohamed Dilsad

Leave a Comment