ප්‍රමුඛ පුවත 1

ශ්‍රීපාද වන්දනාකරුවන්ට පොලිසියෙන් උපදෙස්

(UTV|කොළඹ) – ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ගෙන් පොලිසිය ඉල්ලීමක් කරයි.
ඒ කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශ වලින් දියනෑම සිදු නොකරන ලෙසය.
ශ්‍රි පාද වන්දනාවේ හැටන් මාර්ගයෙ ඔස්සේ පැමිණීමේදි කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශ වලින් දියනෑම සිදුනොකරන ලෙසට පොලිසිය වන්දනාකරුවන්ගෙන් ඉල්ලිමක් කරන අතර එම ජලාශ වල ජලය අධි ඝනත්වයෙන් සහ අධික ශිතල ගතියෙන් යුක්ත නිසා එය දියනෑම අවධානමි බවයි පොලිසිය දැනුම් දෙයි.
හැටන් මාර්ගය ඔස්සේ දියනෑම සදහා ආරක්‍ෂිත ස්ථාන කිහිපයක් මාර්ගය දෙපස අඹගමුව ප‍්‍රාදේශිය සභාව මගින් ස්ථාපනය කර ඇති නිසා ඒවා දියනෑම සඳහා යොදා ගන්නා ලෙස පොලිසිය ඉල්ලීමක් කරයි.
තවද එම මාර්ග අධික වංගු සහ බෑවුම් සහිත නිසා එම මාර්ග වල වාහන ධාවනය කිරිමේදි හා වාහන ගාල් කිරිමේදි සැලකිලිමත් වන ලෙස ද රියදුරන්ගෙන් පොලිසිය ඉල්ලා සිටියි.
තවද ශ්‍රී පාද පරිසරය රැක ගැනිමට ශ්‍රී පාදස්ථානාධිපති සබරගමු පළාතේ ප‍්‍රධන සංඝනායක හා ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙංගමුවේ ධමිම දින්න නායක ස්වාමින් වහන්සේගේ උපදෙස් පරිදි පොලිසිය අඹගමුව ප‍්‍රාදේශිය සභාව එක්ව කි‍්‍රයාත්මක කරන පරිසරය රැක ගැනිමට දියත් කර ඇති වැඩ සටහන් වලට සහයෝගය දක්වන ලෙසද පොලිසිය වන්දනාකරුවන්ගෙන් ඉල්ලිමක් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පළාත් කීපයකට තද වැසි හා සුළං

Mohamed Dilsad

ඉන්ධන මිල පහළ යාමත් සමඟ බස් ගාස්තු අඩු වෙයිද?

Mohamed Dilsad

පූජිතට – හේමසිරිට එරෙහි පෙත්සම් විභාගය අවසන් කෙරේ

Mohamed Dilsad

Leave a Comment