විදෙස්

ගැම්බියානු හිටපු ජනපතිට මුල්‍ය වංචා චෝදනා

(උදයම්, ගැම්බියාව) –  බලය අතහැර රටින් නිකුමුණු ගැම්බියාවේ ජනාධිපති යහියා ජමේ එරට භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 11ක් පැහැරගෙන ගොස් ඇති බවට චෝදනා එල්ලවෙයි.

 

වසර 22ක් ගැම්බියාව පාලනය කළ ඔහු පසුගිය සෙනසුරාදා රටින් නික්මුණේ ජනාධිපතිවරණයේ පරාජය නොතකා බලයේ රැදී සිටීමට දැරූ උත්සාහය අසාර්ථකවීමත් සමඟය.

 

ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා වූ අදමා බැරෝ බලයේ පිහිටුවීම සඳහා අසල්වැසි බටහිර අප්‍රිකානු රටවල් වන සෙනගාලය, නයිජීරියාව සහ ගිනියාව ද එක්වුණා.

 

හිටපු ජනාධිපතිවරයා ගිනියාව බලා පිටත්ව ගිය අතර, ඔහු එහි පිටුවහල්ව ජීවත් වනු ඇතිබව වාර්තාවේ.

 

ඔහු නික්ම යන අවස්ථාවේ රැගෙන ගිය ධනය තවමත් ගණනය කරන බවයි නව ජනාධිපතිවරයාගේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ.

 

ඔහු රටින් නික්ම ගොස් ඇත්තේ සුපිරි මෝටර් රථ ඇතුළු වටිනා භාණ්ඩ රැසක් ද සමග බව විදෙස් වාර්තා සඳහන් කරයි.

Related posts

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය මෙහෙයවීමට අවස්ථාව රුසියාවට

Mohamed Dilsad

ට්‍රම්ප් සිය සංක්‍රමණික ප්‍රතිපත්ති තවත් දැඩි කරයි

Mohamed Dilsad

කොරෝනා වෛරසයේ ආයු කාලය පිළිබඳ හෙළිදරව්වක්

Mohamed Dilsad

Leave a Comment