විදෙස්

ට්‍රම්ප් සිය සංක්‍රමණික ප්‍රතිපත්ති තවත් දැඩි කරයි

සිය සංක්‍රමණික ප්‍රතිපත්ති තවත් දැඩි කිරීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගනී.

ඒ අනුව නීතිවිරෝධී ලෙස ඇමරිකාව තුළ රැදී සිටින සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම සඳහා නව උපදෙස් මාලාවක් ද නිකුත් කර තිබේ.

මෙහිදී අනන්‍යතාවය තහවුරු කිරීමේ ලිපි ලේඛන නොමැතිව ඇමරිකාව තුළ රැදී සිටින සංක්‍රමණිකයන් කිසියම් වැරැද්දකට හසු වුවහොත් ඔවුන් පිටුවහල් කිරීමට පියවර ගනු ලබයි.

විශේෂයෙන් සොරකම් හෝ මාර්ග නීති කඩ කිරීම් සම්බන්ධයෙන් වන වැරදිවලට හසුවන සංක්‍රමණිකයින් පිලිබඳ මෙහිදී මෙම නීතිය ක්‍රියාත්මක කෙරේ.

මේ වන විට නීතිවිරෝධී සංක්‍රමණිකයන් මිලියන 11ක් ඇමරිකාව තුළ ජීවත්වේ.

Related posts

සෞදි රජය ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලයි [VIDEO]

Mohamed Dilsad

”ස්කයිප්” වසා දැමීමේ තීරණයක්

Editor O

ජපානයේ මගී ගුවන් යානා දෙකක් ගැටෙයි

Mohamed Dilsad

Leave a Comment