ප්‍රමුඛ පුවත 1

බැඳුම්කර සිද්ධියේ කෝප් කමිටු වාර්තාව අද විවාදයට

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සකස් කළ කෝප් කමිටු වාර්තාව අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතය.

 

ඒ අනුව අද උදෑසන 9.30ට ආරම්භ වන විවාදය පස්වරු 7.30 දක්වා පැවැත්වෙනු ඇත.

 

මේ අතර, මහබැංකු බැඳුම්කර ගණුදෙනුව පිළිබඳ නිකුත් කළ කෝප් කමිටු වාර්තාව අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද ගොනුකරනු ලැබීය.

 

කෝට්ටේ නාලන්දාරාමාධිපති පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් විසින් එම පෙත්සම ගොනුකර ඇති අතර, එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති, එහි සාමාජිකයින් 26 දෙනා, මහබැංකු අධිපතිවරයා සහ  විගණකාධිපතිවරයා ඇතුලු තිස් දෙදෙනෙක් වෙති .

 

අදාළ පෙත්සම අද හෝ ලබන 26 වනදා විභාගයට ගන්නා ලෙස නීතිඥවරුන් ඉල්ලා ඇති බවයි පූජ්‍ය තීනියාවල පාලිත හිමියෝ  පැවසුහ.

Related posts

සතිපොළ, අවන්හල් ඇතුළු ස්ථාන කිහිපයක් හෙට විවෘත නොකරයි

Mohamed Dilsad

සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම අද රැස් වෙයි

Mohamed Dilsad

වැසි රහිත කාලගුණ තත්ත්වයක්

Mohamed Dilsad

Leave a Comment