ප්‍රමුඛ පුවත 1

යුද්දයෙන් අතුරුදහන් වූවන් සොයා දෙන්නැයි ඉල්ලූ වව්නියාවේ සත්‍යග්‍රහයට දින 100යි: විරෝධතාකරුවන් ඇමරිකාවේ සහය ඉල්ලයි

(උදයම්, කොළඹ) – යුද්දය හේතුවෙන් අතුරුදහන් වූවන් සොයා දෙන්නැයි ඉල්ලමින් වව්නියාවේ ආරම්භ කරන ලද සත්‍යග්‍රහයට දින 100 ක් ගත වුවද විසඳුමක් නොමැති වීමෙන් විරෝධතා පාගමනකින් ඇමරිකාවේ හා යුරෝපා සංගමයේ සහය ලබා දෙන ලෙසට අතුරුදහන් වූවන්ගේ ඥාතින් ඉල්ලා සිටියහ.

වව්නියාව කන්දසාමි කෝවිලේදී පළමුව දෙවියන්ට කන්නලව් කොට පහන් දල්වා අනතුරුව තම ගැටලු වලට වත්මන් රජයෙන් විසඳුම් නොලද හෙයින් ඇමරිකාවේ සහ යුරෝපා සගංම් කොඩි ප්‍රදර්ශනය කරමින් ජාත්‍යන්තරේ සහයෙන් තම ගැටලු වලට විසඳම් ඉල්ලා විරෝධතා පා ගමනක් සංවිධානය කොට තිබුණි.

වව්නියාව කන්දසාමි කෝවිලෙන් පසුගිය සෙනසුරාදා (03) දහවල් ආරම්භ වූ විරෝධතා පා ගමන වව්නියාව නගරයේ බසාර් වීදියේ ගමන් කොට අවසන් වූවේ වව්නියාව තැපල් කාර්යාලය ඉදිරිපිටින්ය.

විරෝධතාවයේ නිරත වූවන් කියා සිටියේ යුද්දය අවසන් වී වසර 8 ක් ගත වුවද යුද සමයේදී අතුරුදහන් වූ කිසිවෙකුත් සමබන්ධයෙන් මේ වන තුරු පැවති රජයන් හො වත්මන් රජයන් විධිමත් විසඳුමක් තමන්ට ලබා නොදී ඇති අතර ඇමරිකාවෙන් හෝ යුරෝපා සංගම් රටවලින් හෝ මෙම ගැටලුවට මැදිහත් වී තමන්ට විසඳුමක් ලබා දීමට කටයුතු කරන ලෙසින් ඉල්ලා සිටියහ.

Related posts

දෙනුවර මැණිකේ මංගල ගමනේ

Mohamed Dilsad

ඉතියෝපියාවටත් ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයක්

Mohamed Dilsad

රේගුව යළි අද සිට යළි වැඩ අරඹයි

Mohamed Dilsad

Leave a Comment