ප්‍රමුඛ පුවත 1

පරිසර හිතකාමී කර්මාන්තකරුවන්ට මිලියන 30ක් දක්වා ණය

(UTV|කොළඹ) – පරිසර හිතකාමි විසඳුම් ව්‍යාපෘතිය යටතේ ව්‍යාපාරිකයන්ට මිලියන 30ක් දක්වා ණය ලබා ගත හැකි බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා පැවැසීය.

අමාත්‍යරවරයා මේ බව ප්‍රකාශ කළේ අද (6) ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ පැවැති පරිසර හිතකාමි විසඳුම් ව්‍යාපෘතිය දියත් කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

එහිදී කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේ ලේකම් රංජිත් අසෝක මහතා ලංකා බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, ඩී.එෆ්.සී.සී බැංකුව, හැටන් නැෂනල් බැංකුව, කොමර්ෂල් බැංකුව, සම්පත් බැංකුව, එන්.ඩී.බී බැංකුව, සෙලාන් බැංකුව, එල්.ඕ.එල්.සී. රක්ෂණ ආයතනය හා පීපල්ස් ලීසිං යන ආයතනවල නිළධාරීන් සමඟ මේ පිළිබඳ අදාළ ගිවිසුම අත්සන් කළේය.

ජාතික පරිසර හිතකාමි නියමයන්ට අනුව කර්මාන්ත විසින් තම නිෂ්පාදන ක්‍රියාවලිය සවිමත් කිරීමට අවශ්‍ය මූල්‍ය ණය ව්‍යාපාරිකයන්ට ඉහත බැංකු හා ආයතන යටතේ‍ ලබාගත හැකි බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

මේ අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු රාජ්‍ය අමාත්‍ය ඒ.ඩී.චම්පික ප්‍රේමදාස, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් සීතා සේනාරත්න, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේ අධ්‍යක්ෂිකා ඉන්දිකා රණතුංග ඇතුළු මහත්ම මහත්මීන් රැසක් සහභාගී වූහ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමත් ප්‍රමාද වෙයි

Mohamed Dilsad

සහරාන් සමඟ පුහුණුවීම් ලැබූ පුද්ගලයින් 64 දෙනා යලි රිමාන්ඩ්

Mohamed Dilsad

ජනපති හා ඉන්දීය අගමැති දුරකථන සාකච්ඡාවක

Mohamed Dilsad

Leave a Comment