ප්‍රමුඛ පුවත 1

අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වන ලකුණු

(UTV|කොළඹ) – දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්කේ වර්ධනය වී ඇති අඩු පීඩන කලාපය, පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ මෙසේ දැක්වේ.

දිවයිනට කි.මී. 1100 පමණ දුරින් ගිණිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනයවී ඇති අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 ඇතුලත පීඩන අවපාතයක් දක්වා වර්ධනයවන ලකුණු ඇත. ඒහේතුවෙන් අද සිට ඉදිරිදින වලදී උතුරු සහ නැගෙනහිර පළාත් වල සහ විශේෂයෙන් උතුරු සහ නැගෙනහිර මුහුදු ප්‍රදේශ සුළගේ වේගය වැඩිවීමේ හැකියාවක් පවතී.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සෙසු ප්‍රදේශවල සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.

නැගෙනහිර, උතුරු, උතුරු-මැද සහ ඌව පළාත් වල ඇතැම් ස්ථානවලට සාමාන්‍යයෙන් තද වැසි (මි.මි. 75 පමණ) ඇති වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත් වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රීක්ක වලත් විටින් විට හමන (පැ.කි.මී. 50 ක්පමණ) තරමක් තද සුළං බලාපොරොත්තුවිය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ. 

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ලක්ෂ 80ක කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවක් අත් අඩංගුවට

Mohamed Dilsad

කුවේට්හි සිටින ශ්‍රී ලාංකිකයින්ට ලබාදී තිබු පොදු සමා කාලය අවසන්

Mohamed Dilsad

දරුවෙකුට පහර දුන් විශ්‍රාමික පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

Leave a Comment