ප්‍රමුඛ පුවත 1

පෞද්ගලික උසස් අධ්‍යාපනය රටට අවශ්‍යයි- ඇමති කිරිඇල්ල

(UTV|කොළඹ) – පෞද්ගලික උසස් අධ්‍යාපනය රටට අවශ්‍ය බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා මතු කළ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ ය.

වාචික පිළිතුරු අපේක්ෂා කරන අවස්ථාවේ දී ප්‍රශ්නයක් මතු කරමින් අඳහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා,”බාහිර උපාධි අහෝසි කරන්න කියනවා නොවේ,එහි ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා. බාහිර උපාධිය අර්ධකාලීන උපාධියක් කරන්න අවධානය යොමු කරන්නවදැයි” විමසන ලදී.

එහිදී පිළිතුරු දුන් අමාත්‍යවරයා,”අධ්‍යාපනයට නිඳහස් තියෙන්න ඕන. ආර්ථිකය ශක්තිමත් වුණාම උපාධියක් ගන්න වුවමනා වෙනවා. එය නැති කරන්න හොඳ නෑ. එහෙත්බ හිර උපාධි පාඨමාලා ප්‍රමිතිය අඩුයි. සෑම උපාධිධාරියෙක්ම කැමැති රජයේ රැකියාවක් කරන්න. ඒ නිසා පෞද්ගලික අංශයේ පඬි වැඩි කළ යුතුයි”. නිදහස් වෙළඳ කලාපයේ ඇබැර්තු ලක්ෂයක් තියෙනවා. යන්න කෙනෙක් නෑ යැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

 

රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.REG <හිස්තැනක් > utv ලෙස ටයිප්කර 77000 ට යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක.

 

 

Related posts

මැලේරියාව නැවත පැතිරයාමේ දැඩි අවධානමක්.

Mohamed Dilsad

ශ්‍රීලනිප මධ්‍යම කාරකසභා රැස්වීම කල් යයි

Mohamed Dilsad

එක්සත් ජනපද රාජ්‍යතාන්ත්‍රිකයෙකු අද දිවයිනට

Mohamed Dilsad

Leave a Comment