ප්‍රමුඛ පුවත 1

මැලේරියාව නැවත පැතිරයාමේ දැඩි අවධානමක්.

(UTV| කොළඹ) – නිසි පාලනයක් සිදු නොකළහොත් මැලේරියාව නැවත පැතිරයාමේ දැඩි අවධානමකට මුහුණ දී හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඒ අප්‍රේල් මස 25 වන දිනට යෙදී තිබූ ”මැලේරියාව යළි අපට එපා ”යන්න තේමාව මුල් කරගෙන ලෝක මැලේරියා දින සැමරීම නිමිත්තෙන් අද (13)රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති වැඩමුළුවට සහභාගී වෙමිනි.

මෙම රෝගය නිසි විදියට පාලනය කළේ නැතිනම්ම් එය නැවත ඇති විය හැකි බව ඔහු වැඩිදුරටත් පවසයි.

මැලේරියාව ඇති රටවල සංචාරය යෙදෙනවා නම් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර අරගෙන යන ලෙස විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියි.

වෛද්‍යවරයා පැවසුවේ මැලේරියාව නැවත පැතීරීයාමට ඇති අවධානම සහ ඒ වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගැන අපි සළකා බලන අතර ඉන්දියාව , දඹදිව වන්දනාවේ යන අය මේ පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

.

Related posts

”පුරවැසි අභිමන්” උපහාර තිළිණ ප්‍රදාන උළෙල අද

Mohamed Dilsad

කලින් වෙන් කළ දුම්රිය ප්‍රවේශ පත්වලට යළි මුදල්

Mohamed Dilsad

ත්‍රීරෝද රථයෙන් මෝටර් රථයට මාරුවීමට රජයෙන් ලක්ෂ 20ක ණයක්…

Mohamed Dilsad

Leave a Comment